Latest News

බංගලියන්ගේ වැඩ මුවහත් කල ෆිල් සිමන්ස්ට තවත් වගකීමක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය (2027) දක්වා බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස ෆිල් සිමන්ස් (Philip Verant Simmons) පත් කර තිබෙනවා.

ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේ දී තාවකාලික පදනමක් මත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් වූ අතර ඔහුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරමින් ප්‍රධාන පුහුණුකාර තනතුරට සිමන්ස් පත් කිරීමට බංග්ලාදේශය ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ.

2025 චැම්පියන්ස් කුසලානය අවසන් වන තෙක් තාවකාලික පුහුණුකරු ලෙසයි ෆිල් සිමන්ස් කටයුතු කළේ.

“බංග්ලාදේශ ක්‍රිකට් සමඟ දිගුකාලීන පදනමක් මත වැඩ කිරීමට අවස්ථාව ලබාදීම ගැන මම සතුටු වෙනවා” යනුවෙන් ෆිල් මෙම පත් කිරීම පිළිබඳ ව අදහස් දක්වා තිබෙනවා.

61 හැවිරිදි සිමන්ස් කලක් බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් පිතිකරුවෙකු ලෙස දක්ෂතා දැක්වූවා.

World News

Send your contact Details Today