ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදීයී.
වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටිනවා.
මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.
