එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ, තරග කාලසටහන සංශෝධනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ තරග පවත්වන දින තුනක් සංශෝධනය වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිනය මැයි මස 06 වනදාට යෙදී ඇති බැවින් මැයි 01, මැයි 06 සහ මැයි 08 යන දිනයන් සංශෝධනය කරමින් ඒ සඳහා මැයි 02, මැයි 07 සහ මැයි 09 යන දිනයන් ඇතුලත් කරමින් නව තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත අතර සියලුම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව පළමු තරගය අප්‍රේල් 27වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන බවද සඳහන්.
තරග කරන සෑම කණ්ඩායමකටම තරඟ 4 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මැයි 11වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.
සංශෝධිත නව තරග කාලසටහන පහතින්…

