Latest News

දකුණු කොරියාවට හදිසි තත්ත්වයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ ඊසානදිග ප්‍රදේශයේ සැන්චොන්ග් ප්‍රදේශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ලැව් ගිනි 30කට අධික සංඛ්‍යාවක් හටගෙන ඇති අතර වියළි කාලගුණය හා අධික සුළං ලැව්ගිනි ව්‍යාප්තියට බලපා ඇති බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.

පසුගිය සිකුරාදා ආරම්භ වූ ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට හෙක්ටාර දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.

ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් 1,600කට ආසන්න සංඛ්‍යාවක්, හෙලිකොප්ටර් යානා 35ක් හා ගිනි නිවන රථ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කළා.

World News

Send your contact Details Today