Latest News

කුරුලු උණ ආසාදනය වූ බැටළුවකු ප්‍රථමවරට හඳුනා ගනියි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුරුලු උණ ආසාදනය වූ බැටළුවකු ප්‍රථම වරට එංගලන්තයේදී හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බැටළු ගොවිපොළක බැටළුවකුට මෙම රෝගය ආසාධනය වී ඇති බවයි පැවසෙන්නේ.

එම ගොවිපළේ දෛනික පරීක්ෂාවකදී මෙම බැටළුවා හඳුනාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අනුව කුරුලු උණ වෛරසය බැටළුවකු තුළින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව පැවසෙනවා.

නමුත් වෙනත් රටවල සත්ව ගොවිපොළ තුළ කුරුලු උණ පැතිරී ගිය අවස්ථා පෙර වාර්තා වී තිබෙන බවද සඳහන්.

මේ සිදුවීමත් සමඟ කුරුලු උණ වසංගතය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි බ්‍රිතාන්‍ය රජය එරට සත්ව ගොවිපොළ හිමියන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

කුරුලු උණ ආසාදනය වූ බැටළුවා හඳුනාගත් ගොවිපොළෙහි අනෙක් බැටළුවන්ට වසංගතය ව්‍යාප්ත වී නැති බව‍යි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එංගලන්තයේ පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

World News

Send your contact Details Today