Facebook සහ Instagram හිමිකරු වන Meta සමාගම විසින් එක්සත් රාජධානියේ ගෙවන ලද දායකත්වයක් සලකා බලමින් සිටින අතර එමඟින් එහි වේදිකාවලින් දැන්වීම් ඉවත් කරනු ඇති බවට BBC පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව නව සැලසුම් යටතේ, සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතා කරන පුද්ගලයින්ට ඔවුන්ගේ දත්ත නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නැතිනම් දැන්වීම්-රහිත අත්දැකීමක් සඳහා ගෙවීමට ඉල්ලා සිටිය හැකියි.
දීර්ඝ නීතිමය සටනකින් පසු පසුගිය සතියේ බ්‍රිතාන්‍ය කාන්තාවක් ඉලක්ක කරගත් දැන්වීම් නැවැත්වීමට සමාගම එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Meta සමාගම විසින් දැනටමත් යුරෝපා සංගමයේ Facebook සහ Instagram පරිශීලකයින් සඳහා මසකට යුරෝ 5.99 (£5) සිට දැන්වීම්-රහිත දායකත්වයන් සපයනවා.
සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ සමාගම එක්සත් රාජධානියේ සමාන සේවාවක් ලබා දීමේ “විකල්පය ගවේෂණය කරන” බවයි.