Latest News

වයස 16ට අඩු දැරියන් ගැබ් ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයස අවුරුදු දහසයට අඩු බහුතර දැරියන් ගැබ් ගැනීමට හේතු වී තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රේම සබඳතා බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසනවා.

විශේෂයෙන්ම අවුරුදු දොළහත් දහසයත් අතර දැරිවියන් සහ අවුරුදු දහ අට හෝ දහ අටට අඩු පිරිමි දරුවන් අතර පවතින ප්‍රේම සබඳතා හේතුවෙන් මෙම දැරියන් ගැබ් ගන්නා බව හෙළිවී ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පැවසුවා.

2023දී අවුරුදු දහසයට අඩු දැරියන් ගැබ් ගැනීමේ සිද්ධි 163ක් වාර්තා වී තිබුණු අතර, 2024දී එම සංඛ්‍යාව 213ක් වී තිබේ. ඉන් බහුතර දැරියන් ප්‍රේම සබඳතා මත ගැබ්ගෙන තිබුණා.

විවිධ අතවරවලට ලක්වීමේ ප්‍රතිඵල මත ගැබ් ගත් දැරියන් ද මේ අතර සිටින බව රේණුකා ජයසුන්දර සඳහන් කළා.

මේ වසරේ ගතවූ මාස තුනට වාර්තා වී ඇති සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් නිසි ගණනය කිරීමක් කෙරී නැහැ.

කෙසේ වෙතත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා වන සිද්ධීන් සංඛ්‍යාව මෙපමණ වුවත්, වාර්තා නොවෙන සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවයි ඇය පෙන්වා දුන්නේ.

පවතින නීතිය අනුව අවුරුදු දහසයට අඩු දැරියක සිය කැමැත්තෙන් ලිංගික කටයුතුවල නියැළුණ ද එය සැලකෙන්නේ ලිංගික අපයෝජනයක් ලෙසයි.

එමෙන්ම ගැහැනු සහ පිරිමි යන දෙපාර්ශ්වයටම වයස අවුරුදු දහ අට සම්පූර්ණ වන තෙක් නීත්‍යනුකූල විවාහයක් සඳහා අවසර හිමි වන්නේ ද නැහැ.

එබැවින් මේ වයසේ පසුවන දැරියන්ට එවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල නොයෙදෙන ලෙසත්, ගැබ් ගැනීම්වලින් වැළකී සිටින ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීම ඉතා වැදගත් බවත් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පැවසුවා.

World News

Send your contact Details Today