Latest News

හැමෝම දන්නා ක්‍රීඩකයෙකුට ක්‍රිකට් තරගයක් අතරතුර හෘදයාබාධයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංගලාදේශයේ හිටපු ක්‍රිකට් නායක තමිම් ඉක්බාල්ට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඔහු මේ වනවිට බංග්ලාදේශයේ ෆාසිලතුන්නේසා රෝහලට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මොහොමඩ් ක්‍රීඩා සමාජය සහ ෂයිනපුකූර් ක්‍රිකට් සමාජය අතර පැවැති දේශීය එක්දින තරගයක් අතරතුර ඔහු මෙලෙස හෘදයාබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

“ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් අප වෙත පැමිණියා. අපට එය හෘදයාබාධයක් ලෙස හැඳින්විය හැකියි, පසුව අපි අවහිරතාවය ඉවත් කිරීම සඳහා ඇන්ජියෝග්‍රෑම් සහ ඇන්ජියෝප්ලාස්ටි සිදු කළා. වෛද්‍ය ක්‍රියා පටිපාටිය සුමටව සිදු වී තිබෙනවා. ඔහු දැනට නිරීක්ෂණයේ සිටිනවා. BKSP සහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අතර කඩිනම් සම්බන්ධීකරණය නිසා තමිම්ට ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට හැකි වුණා.” යනුවෙන් තමිම්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් වෛද්‍යවරු පැවසුවා.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අද දහවල් පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම ද අවලංගු කර ඇති අතර, පාලක මණ්ඩලයේ සභාපති සහ අනෙකුත් සාමාජිකයින් තමිම්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට රෝහලට ගොස් සිටීම ඊට හේතු වී තිබෙනවා.

World News

Send your contact Details Today