Latest News

ගුවන් හමුදාවේ K-8 ජෙට් අනතුරින් පසුව ආරක්ෂක අමාත්‍යාංශය ගත් විශේෂ තීරණය

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K-8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

K-8 වර්ගයේ ජෙට් යානයක් පසුගිය සිකුරාදා වාරියපොළ දී අනතුරට ලක්වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදුකරන බවයි ,ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ.

අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද, ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සත් පුද්ගල කමිටුවක් මඟින් සිදුකරනු ලබනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා K-8 වර්ගයේ ජෙට් යානයක් පසුගිය සිකුරාදා වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටී අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් රෝහල් ගත කිරීමටයි කටයුතු කළේ.

World News

Send your contact Details Today