Latest News

ගාසා තීරයේ පිළිකා රෝහලට අමානුෂික ප්‍රහාරයක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පිළිකා රෝහලට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රහාරයෙන් තුර්කි පලස්තීන මිත්‍රත්ව රෝහලයි මෙලෙස විනාශයට පත්ව තිබෙන්නේ.

එම ප්‍රදේශයේ ඇති එකම විශේෂිත පිළිකා ප්‍රතිකාර රෝහල මෙයයි.

එම ප්‍රහාරයෙන් ළමුන් 200 දෙනෙකු හා කාන්තාවන් 110 කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් කාර්යාලය පවසනවා.

ගාසා සටන් විරාමය අවසන් කිරීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන් වැසියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායල හමාස් යුද ගැටුම්වලින් මේ දක්වා පලස්තීනුවන් 49,617 ක් මියගොස් එක් ලක්ෂ දොලොස් දහස් 950 ක් තුවාල ලබා තිබෙනවා.

යුද්ධයෙන් ඊශ්‍රායල වැසියන් 1,139 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today