Latest News

රට යන්න ඉන්න ඔයාට සුබ පණිවිඩයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දේශපාලන මැදිහත්වීමකින් තොරව සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා ලබා දෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ, ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම අමතමින්.

මෙම කණ්ඩායමට රැකියාලාභීන් 50 දෙනෙකු ඇතුළත් වෙන අතර, පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණවලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මාසයේදී ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරයි ඇදීම මගින් තෝරාගෙන ඇති බව සඳහන් වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ, වසර 5ක කාලයක් සඳහා රැකියා කිරිමට මේ යටතේ අවස්ථා හිමි වන බවයි.

මෙම රැකියා අවස්ථා සියලුම ගම්මානවලට සමානව ලබාදීමට පියවර ගන්නා බවද සභාපතිවරයා අවධාරණය කරනවා.

ඔහු සදහන් කරන්නේ, එහිදී කිසිදු දේශපාලන මැදිහත්විමක් නොකොට තෝරා ගැනීමේදී පූර්ණ විනිවිද භාවයකින් යුතුව ඔවුන් තෝරා ගැනීමට අවශ්‍ය විධි විධාන යොදා ඇති බවයි.

මේ වසරේදි විදේශ රැකියා සදහා ශ්‍රමිකයන් 344,000ක් විදේශ ගත කිරිමට නියමිත බවයි සඳහන් වන්නේ.

World News

Send your contact Details Today