චීනයේ නැංජින් නුවරදී ඊයේ (21) ආරම්භ වූ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුව බිඳ වැටුණා.
පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව සිටි අතර, ඔහු සහභාගී වූ අවසන් පූර්ව වටයේ දෙවන තරගය ඊයේ පැවත්වුණා.
එහිදී ඔහුට අවසන් ස්ථානයෙන් සෑහීමට සිදුවුණා.
තරගය අවසන් කිරීම සඳහා චමෝද් තත්පර 6.70ක කාලයක් ගත කර තිබෙනවා.
මෙම වටයේ පළමු ස්ථානය අමෙරිකානු ක්‍රීඩකයෙකුට හිමි වූ අතර, ඔහු තත්. 6.51කින් තරගය අවසන් කළා.
දෙවන ස්ථනය හිමි වුණේ තත්. 6.54කින් තරගය අවසන් කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුටයි.
ඒ අනුව ඔවුන් දෙදෙනාම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමටයි සමත් වුණේ.
මෙම ඉසව්වේ මූලික වටයේදී චමෝද් තත්පර 6.70කින් අවසන් කර එම අදියරේ තෙවන ස්ථානය පත්ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.