Latest News

IPL 2025: මෙවර තරගාවලියට නව නීති තුනක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙට (22) ආරම්භවන 2025 ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නව නිති තුනක් හඳුන්වාදීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව කොවිඩ් 19 වසංගතයෙන් පසු පළමු වතාවට, පන්දු යවන කණ්ඩායමට පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය (කෙළ) යොදා ගැනීමට අවසර දී තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය යොදා ගැනීම තහනම් කිරීමටයි කටයුතු කළේ.

මුම්බායි හි පැවති නායකයින්ගේ රැස්වීමේ දී ගත් සුවිශේෂී තීරණයකින් IPL බලධාරීන්ගේ බහුතර එකඟතාවයකින් පසුව මෙම තහනම ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම තරගාවලියේ රාත්‍රියේ පැවැත්වෙන තරගවල දී දෙවන ඉනිමේදී 11 වන ඕවරයේ සිට නව පන්දුවක් හඳුන්වාදීමේ නීතියක් ද හඳුවන්වා දී තිබෙනවා.

ඉහළ ලකුණු ලබා ගැනීමේ ක්‍රීඩා ප්‍රවණතාවය දිගටම පවත්වාගැනීමට මෙම නීතිය හඳුන්වා දී ඇති අතර, දහවල් කාලයේ පැවැත්වෙන තරග සඳහා මෙම තීරණය වලංගු වන්නේ නැහැ.

ඊට අමතරව වයිඩ් පන්දු සඳහා DRS ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිය ද මෙවර IPL තරගාවලියේ දී හදුන්වා දී තිබෙනවා.

තරගාවලියේ ගුණාත්මක භාවය ඉහළ දමාගැනීමට සහ ආකර්ෂණය වැඩි කර ගැනීම වෙනුවෙන් මෙම නව නීති හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today