Latest News

වාරියපොළදී කඩා වැටුණු ජෙට් යානය මෙන්න (VIDEO)

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානයක් වාරියපොළදී අනතුරට පත්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

ගුවන් හමුදා ප්‍රකාශක, ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ යානයේ සිටි නියමුවන් දෙදෙනා යානයෙන් පිටතට පැන පැරෂුට් භාවිතයෙන් ආරක්ෂිතව පහළට බැස ඇති බවයි.

අනතුරින් කිසිවෙකු මිය ගොස් හෝ තුවාල ලබා නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

අනතුරට ලක්වූ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පුහුණුව සඳහා භාවිතා කරන ලද K-8 පුහුණු ගුවන් යානයක්.

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම යානය වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

World News

Send your contact Details Today