Latest News

ගාසා යුද්ධ­යට එරෙ­හිව ඊශ්‍රා­යල ජන­තාව පාරට බසියි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා යුද්ධය යළි ආරම්භ කිරීම හේතු­වෙන් ඊශ්‍රා­යල ජන­තාව අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට එරෙ­හිව ඊයේ එරට පාර්ලි­මේ­න්තුව ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක නිර­ත වුණා.

පෙරේදා ගාසා තීර­යට ඊශ්‍රා­යල හමු­දාව අඛ­ණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරී­මෙන් පසු දහස් සංඛ්‍යාත ඊශ්‍රා­යල ජන­තාව එරට පාර්ලි­මේ­න්තුව ඉදි­රි­පිට රැස්වී අගමැතිවරයාට චෝදනා එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

ටෙල් අවීව් සහ ජෙරු­ස­ලම අතර අධි­වේගී මාර්ගය ද වැටලූ ජන­තාව හමාස් සංවි­ධා­නය සමඟ නැවත සටන් විරාම ගිවි­සුම ක්‍රියා­ත්මක කර­මින් ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරී­මට පිය­වර ගන්නා ලෙස ඊශ්‍රා­යල රජ­යට බල­පෑම් කළ බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today