Latest News

නව වාර්තා රැසක් සමඟින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ලොකු පුටුවට වෙනසක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) නව සභාපතිනිය ලෙස, සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය Kirsty Coventry තේරී පත් වී තිබෙනවා.

41 හැවිරිදි ඇය 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ එම තනතුරට පත් වූ පළමු කාන්තාව සහ පළමු අප්‍රිකානු ජාතිකයා බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තා වැනි ගෞරවයන් රැසක් හිමිවුණා.

එළැඹෙන කාල වකවානුව වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඊයේ (20) ග්‍රීසියේදී පැවැත්වුණා.

එහිදී ඇය පළමු වටයේදීම බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම ධුරයට පත්වීම විශේෂත්වයක්.

අභිනව සභාපතිනිය එළැඹෙන ජුනි මාසයේදී සිය ධුරයේ වගකීම් නිල වශයෙන් භාරගැනීමට නියමිතයි.

ඒ අනුව ඇය අවම වශයෙන් ඉදිරි වසර 8 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ලෙසින් කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today