තුර්කි ජනතාව විසින් එරට පුරා විරෝධතා ව්‍යාපාර පවත්වනවා.
ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින ඉස්තාන්බුල් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි.
තුර්කි ජනාධිපති තායිප් එර්දෝගන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු ලෙසයි ඉස්තාන්බුල් නගරාධිපති එක්‍රෙම් ඉමාමොග්ලු සැලකෙන්නේ.
ඔහු ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙස තරග වැදීමට නියමිතයි.
මෙම තත්ත්වය හමුවේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ හටගත් විරෝධතාවලින් එරට දෛනික ජීවිතයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
දුෂණ චෝදනා සහ ත්‍රස්ත කණ්ඩායමකට ආධාර කළ බවට චෝදනා කරමිනුයි නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් පවසන්නේ මෙවැනි බොරු චෝදනාවලින් ජනතාවගේ කැමැත්ත නිහඩ කළ නොහැකි බවයි.
මෙය තම අනාගත ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණයක් බවට ද ඔවුන් චෝදනා කරනවා.