Latest News

මෝදිගෙන්, සුනීතාට විශේෂ ලිපියක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය සම්භවයක් ඇති නාසා ගගනගාමී සුනීතා විලියම්ස් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ලිපියක් යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනපේක්ෂිත ලෙස මාස නවයකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිරවී සිටි ඇය සහ ඇගේ සහායක ගගනගාමී බුච් විල්මෝල් ඊයේ (19) යළි පෘතිවියට පැමිණීමෙන් පසුවයි.

අදාළ ලිපිය මඟින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, සිය අමෙරිකානු සංචාරවලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පූර්වගාමියා වූ ජෝ බයිඩ්න්ගෙන් සුනීතා නැවත ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් තමන් ද සාකච්ඡා කළ බවයි.

එමෙන්ම ඇය ඉන්දියාවට ආඩම්බරයක් බව ද මෝදි එහි පවසා තිබෙනවා.

“බිලියන 1.4ක ඉන්දියානුවන් සැමවිටම ඔබගේ ජයග්‍රහණ ගැන මහත් ආඩම්බරයෙන් සිටිනවා. මෑත කාලීන වර්ධනයන් නැවතත් ඔබගේ ආශ්වාදජනක ධෛර්යය සහ නොපසුබට උත්සාහය පෙන්නුම් කරනවා,” යනුවෙන් එහි සඳහන් කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ, “ඔබගේ නැවත පැමිණීමෙන් පසු, අපි ඔබව ඉන්දියාවේදී දැකීමට බලා සිටිමු. ඉන්දියාව තම වඩාත්ම කීර්තිමත් දියණියකට සත්කාරකත්වය දැක්වීම සතුටක් වනු ඇත.” යනුවෙන්.

World News

Send your contact Details Today