ලෝකයේ කැතම සත්ත්වයා ලෙස හැඳින්‍වෙන බ්ලොබ්ෆිෂ් “Blobfish”නවසීලන්ත පාරිසරික කණ්ඩායමක් විසින් නවසීලන්තයේ වසරේ මාළුවා ලෙස නම් කර තිබෙනවා.
ඒ එම පාරිසරික කණ්ඩාය විසින් නවසීලන්තයේ මිරිදිය සහ සාගර ජීවීන් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන වැටසහනකදීයී.
බ්ලොබ්ෆිෂ් සාගර පතුලේ ජීවත් වන අතර ඇටසැකිල්ලක් සහ කොරපොතු වෙනුවට, මෘදු ශරීරයක් සහ දුර්වල සමක් සහිත සත්ත්වයෙකු බව සඳහන්.
මෙම මාළුවා මුහුදු පතුලේ ජීවත් වන අතර දිග අඟල් 12 (සෙ.මී. 30) ක් පමණ වනවා.
ඔවුන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් දක්නට ලැබෙන අතර, අඩි 2,000-4,000 (මීටර් 600-1,200) ගැඹුරක ජීවත් වනවා.
බ්ලොබ්ෆිෂ් මොලුස්කාවන්ට අමතරව, කකුළුවන් සහ පොකිරිස්සන් වැනි කස්ටේෂියන් මෙන්ම මුහුදු ඉකිරියන් ද අනුභව කරනවා.
මත්ස්‍යයා සිය ගොඳුර එන තුරු ඉතාව ඉවසිලිවන්තව මුඛය විවෘත්ත කරගෙන සිටින බවද සඳහන්.