2025 Sydney Track Classic මලල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රමුඛ ස්ථාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සමත්ව තිබෙනවා.
පිරිමි මීටර් 400 ඉසව්වේ තෙවන ස්ථානය හිමිකරගැනීමට අරුණ දර්ශන සමත්ව ඇති අතර හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංග ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති මෙම තරගයේදී අරුණ දර්ශන තත්පර 46.12 කින් තරගය නිම කර තිබූ අතර එය ඔහුගේ මේ වසරේ හොදම කාලය බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ටෝකියේ ලෝක ශූරතාවලියට සෘජුව ම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අරුණ දර්ශනට හිමි වනු ඇති.
මේ අතර හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග මෙවර ඔස්ට්‍රේලියාවේදී තරඟ 3 කින් ජයග්‍රහණය කිරීම කැපී පෙනෙනවා.
පළමු ස්ථානය දිනූ Sydney Track Classic තරගාවලියේදී ඔහු 77.86 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.
Strive Program – A’ තරඟාවලියේදී මීටර් 82.66 ක සහ Perth Track Classic’ තරඟාවලියේදී මීටර් 85.41 ක දක්ෂතාවයක් වාර්තා කිරීමට ද රුමේෂ් තරංගට මෙවර හැකි වී තිබෙනවා.