Latest News

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිර වී සිටි දෙදෙනා ගැන සුබ පුවතක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමී දෙදෙනා පෘථිවිය බලා පැමිණීම ආරම්භ කර තිබෙනවා.

එලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටියේ, සනි විලියම්ස් සහ බුච් විල්මෝර් යන දෙපළයි.

තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් සමඟින් ඔවුන් පෘථිවියට පැමිණෙන්නේ පෙරේදා (16) ඒ වෙත ළඟා වූ ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානයෙන්.

පෘථිවියට පැමිණීමේ අපේක්ෂා පිළිබඳ අදහස් පළ කළ සනි පවසා තිබුණේ තමන්ට දැන් ඇවිදින ආකාරය පවා අමතකව ඇති බවයි.

World News

Send your contact Details Today