Latest News

ලන්ඩන් ටවර් අසල චීනයට එරෙහිව දෙවන විශාල විරෝධතාව පැවැත්වෙයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හොංකොං හි මානව හිමිකම් කණ්ඩායම්, ටිබෙට් ජාතිකයන්, උයිගුර්වරුන් සමඟින් එක්ව ලන්ඩනයේ ඓතිහාසික පැරණි රාජකීය මින්ට් උසාවි ගොඩනැගිල්ල ඉදිරිපිට ඊයේ (16) විරෝධතාවක් කැඳවා තිබුණා.

ඒ චීනය එහි ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින තානාපති කාර්යාලයට විරෝධය පළ කරමින්.

විදේශයන්හි වෙසෙන විරුද්ධවාදීන් බිය ගැන්වීමට සහ නිරීක්ෂණය කිරීමට චීනය මෙම තානාපති කාර්යාලය භාවිතා කරනු ඇතැයි විරෝධතාකරුවන්
එහි දී කනස්සල්ල පළ කර තිබුණා.

මෙය සති පහක් තුළ ලන්ඩන් ටවර් අසල චීනයට එරෙහිව පැවැත්වූ දෙවන විශාල විරෝධතාවයි.

6,000ක් පමණ සහභාගී වූ බව පැවසෙන එම විරෝධතාව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමකින් තොරව සාමකාමීව අවසන් වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් චීන රජය එම ඓතිහාසික ගොඩනැගිල්ල මිලදී ගෙන තිබුණේ, ලොව පුරා පිහිටි චීනයේ විශාලතම රාජ්‍ය තාන්ත්‍රික පහසුකම සංවර්ධනය කිරීමට සැලසුම් කරමින්.

ව්‍යාපෘතියට සම්බන්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු තානාපති කාර්යාලයේ ඉදිකිරීම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති අතර, පැරණි රාජකීය මින්ට් ගොඩනැගිලි දෙකක් සම්බන්ධ කරන උමං මාර්ගයක්, බිම් මහලේ අවකාශයන් සහ කාර්ය මණ්ඩලය සිය ගණනක් සඳහා නවාතැන් ඊට ඇතුළත් වනවා.

World News

Send your contact Details Today