Latest News

ඉන්දියාවේ වන්දනාවේ ගොස් ලංකාවට පැමිණි පිරිසකට හඳුනා නොගත් රෝගයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ දින විස්සක වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසකින් හය දෙනෙකු, කොවිඩ් වෛරසයට සමාන හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙමින්, දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවට වාර්තා වනවා.

එම රෝගීන්ගෙන් එක් අයෙකු හුස්ම ගැනීමේ බරපතල අපහසුතා හේතුවෙන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබෙන බවට ද සඳහන්.

මෙම රෝගීන් හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙන බැවින්, ඔවුන්ට වැළඳී ඇත්තේ ඉන්දියාවේ පැතිර යන කොවිඩ් වෛරසයට සමාන වෛරසයක් ද යන්න තහවුරු කිරීම සඳහා, රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today