හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආනවිලුන්දාව ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් දෙනකු තුවාල ලබා තිබෙනවා.
පොලිසියට අනුව, හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙනුයි පෞද්ගලික බස් රථයක් වෙළඳසැලක සහ ගසක ගැටී ඇත්තේ.
නිකවැරටිය බස් ඩිපෝවට අයත් බස් රථය අද අලුයම කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබුණා.
අනතුරින් රියදුරු සහ කොන්දොස්තර ඇතුළු පිරිමින් දස දෙනෙකු (10) සහ බස් රථයේ ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු (03) තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් හලාවත සහ මුන්දලම රෝහල්වලටයි ඇතුළත් කර ඇත්තේ.








PHOTO COURTESY: Accident First