Latest News

චීන චිත්‍රපටයක්, ලෝක සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“Ne Zha 2” චිත්‍රපටය ඩිස්නි සමාගමේ “Star Wars: The Force Awakens” නිර්මාණය අභිබවා යමින් ලොව පුරා වැඩිම ආදායම් ඉපැයූ 5 වන චිත්‍රපටය බවට පත් ව තිබෙනවා.

ප්‍රවේශපත්‍ර වේදිකාවක් වන Maoyan හි දත්තවලට අනුව “Ne Zha 2” චිත්‍රපටයේ පූර්ව අලෙවිය ඇතුළුව ගෝලීය ආදායම පසුගිය 15 වනදා වන විට අමරිකානු ඩොලර් බිලියන 2.09 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනවාරි මස 29 වැනි දා චීන අලුත් අවුරුදු දින, ප්‍රදර්ශනය ආරම්භ වී දින 45කට පසුව මෙම සන්ධිස්ථානයට ළඟා වීමයි එහි විශේෂත්වයි.

තනි වෙළඳපොලකින් අමරිකානු ඩොලර් බිලියන 1ක් උපයා ගත් ලොව පළමු චිත්‍රපටය, බිලියනයක වාර්තාවකට හිමිකම් කියූ ලොව හොලිවුඩ් නොවන චිත්‍රපටය සහ ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය ලෙස “Ne Zha 2” ඉතිහාසයට එක් වනවා.

World News

Send your contact Details Today