Latest News

ඉතාලියේ සිටින ලාංකිකයින්ගේ රියදුරු බලපත්‍ර ගැන සුබ ආරංචියක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර ලබාදීම කඩිනම් කිරීමට එරට රජය එකඟ වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් ඊයේ (15) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රවල තාක්ෂණික දෝෂ කිහිපයක් හේතුවෙන් ඉතාලි රජයට එම බලපත්‍ර හඳුනාගැනීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව, මෙම ගැටලුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර, ඉතාලි රජයට හඳුනාගත හැකි ආකාරයෙන් ශ්‍රී ලංකාවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමෙන් එම තාක්ෂණික දෝෂ වළක්වා, ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර ලබාදිය හැකි බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

2022 වසරේ සිට මේ දක්වා ඉතාලියේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර ක්‍රියාත්මක වී නොමැති බවත්, එය වත්මන් ආණ්ඩුවේ වරදක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔහු තවදුරටත් පැවසුවේ, හිටපු තානාපතිවරුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ගැටලුවක් නිසා 2022 වසරෙන් පසු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර හිමි වී නොමැති බවයි.

World News

Send your contact Details Today