Latest News

ඇෆ්ගනිස්තාන් පතාන්ස්ට එරෙහිව, තිසරගෙන් ගිනි කෙළි සංදර්ශනයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ පැවැත්වෙන ‘ආසියානු ලෙජන්ඩ්ස්’ තරගාවලියේ ඇෆ්ගනිස්තාන් පතාන්ස් කණ්ඩායමට එරෙහිව පන්දුවාරයකදි හයේ පහරවල් හයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා මෙම දක්ෂතාව දැක්වුයේ ඇෆ්ගනිස්තාන් පතාන්ස් කණ්ඩායමේ අයියන් ඛාන්ට එරෙහිව වන අතර, මෙම පන්දුවාරය තුළදී වයිඩ් පන්දු තුනක්ද යොමුකෙරුණා.

තරගාවලියේ ඊයේ (15) පැවති Eliminator තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 03ක් දැවී ලකුණු 230ක් රැස්කළ අතර තිසර පෙරේරා පන්දු 36කදීනොදැවී ලකුණු 108ක් ලබාගත් අතර හයේ පහර 13ක් මෙම ඉනිමට අන්තර්ගත වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන් පතාන්ස් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී රැස්කළේ ලකුණු 204ක් පමණයි.

World News

Send your contact Details Today