මැදිරිගිරිය, දුවුලන්කඩවල ප්‍රදේශයේ ඊයේ (14) පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර දී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ අදාළ සංගීත ප්‍රසංගය සඳහා පැමිණීමට නියමිතව සිටි ශිල්පින් පිරිසක් නොපැමිණීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මෙම සංගීත ප්‍රසංගයේ සංගීත කණ්ඩායම ලෙස කටයුතු කර තිබුණේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන AVATAR සංගීත කණ්ඩායමයි.
කෙසේවෙතත් සැළසුම් කර තිබූ පරිදි ශාන් පුතා , වස්ති , හනා යන ශිල්පින් ප්‍රසංගයට නොපැමිණීම හේතුවෙන් පැමිණ සිටි පිරිස උරණ වී AVATAR සංගීත කණ්ඩායමේ භාණ්ඩ වලට ද හානි සිදුකර තිබෙනවා.
පෙරවරු 1:30 ට පමණ අදාළ සංගීත ප්‍රසංගය නිමා කරන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව මෙම උණුසුම් තත්ත්වය හටගත් බවයි Radio WESL වාර්තාකරු පැවසුවේ.