Latest News

වැරදි වැඩක් කල සුපිරි එංගලන්ත පිතිකරුට ඉදිරි වසර දෙක සඳහා IPL තහනමක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්ත පිතිකරු හැරී බෲක්ට ඉදිරි වසර දෙක සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීගය (IPL) තහනම් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) පවසනවා.

මෙම මස 22වනදා ආරම්භවීමට නියමිතව තිබෙන IPL තරගාවලියේ දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් හැරී බෲක් ගිවිසුම් ගතව සිටියා.

කෙසේ නමුත් තරගාවලිය ආරම්භවීමට දින කිහිපයක් තිබියදී ඔහු අවසන් මොහොතේ මෙවර තරගවාරය ක්‍රීඩා නොකරන බව දැනුම් දී තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය වසරේ IPL වෙන්දේසිය සඳහා තම නම ලියාපදිංචි කිරීමට පෙර සෑම ක්‍රීඩකයෙකුටම දැනුම් දුන් ප්‍රතිපත්තියට, ගිවිසුම්ගත වූ පසු තරගවාරය මඟහැරීමට නොහැකියි.

ඒ අනුව බෲක්ට වසර දෙකක් තහනම් කර ඇති අතර, එම තීරණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට (ECB) දැනුම් දී තිබෙනවා.

World News

Send your contact Details Today