Latest News

IPL 2025: දිල්ලි කැපිටල්ස් ඇතුළු කණ්ඩායම් 05ක නායකත්වයේ වෙනසක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 IPL තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස අක්සාර් පටෙල් පත් කර තිබෙනවා.

ඔහු 2019 සිට දිල්ලි කණ්ඩායම සමඟ සිටින අතර පසුගිය නොවැම්බර් මාසයේ පැවති මෙගා වෙන්දේසියට පෙර ඉන්දීය රුපියල් කෝටි 16.5ක් වෙන්කරමින් ඔහුව රඳවා ගැනීමට එම කණ්ඩායම කටයුතු කළා.

ඔහුගේ නායකත්ව අත්දැකීම් පුළුල් නොවූවත්, මෙම වසරේ ජනවාරි මාසයේ දී ඔහු ඉන්දියාවේ විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකයා ලෙස පත්කරනු ලැබුවා.

31 හැවිරිදි අක්සාර් පටෙල් පසුගිය වසරේ දී එක් අවස්ථාවක දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලැබුවා.
ඒ, එම කණ්ඩායමේ නායකත්වය දැරූ රිෂාබ් පාන්ට් තරග තහනමක ලක්වීම හේතුවෙන්.

2025 IPL තරගාවලිය වෙනුවෙන් පැවති මෙගා වෙන්දේසියේ දී දිල්ලි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රිෂාබ් පාන්ට් වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කරනු ලැබුවා.

ඒ, අනුව පාන්ට්ව මිල දී ගත් ලක්නව් කණ්ඩායම ඔහුව එම කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමටයි කටයුතු කළේ.

මේ අතර මෙවර IPL තරගාවලියේ දී කණ්ඩායම් පහක් සඳහා නව නායකයින් පත්කර තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව කොල්කටා නයිට් රයිඩර්ස්, පන්ජාබ් කිංග්ස්, දිල්ලි කපිටල්ස්, ලක්නව් සුපර් ජයන්ට් සහ රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම් වෙනුවෙන් මෙලෙස නව නායකයින් තොරා පත්කරගෙන තිබෙනවා.

World News

Send your contact Details Today