Latest News

ප්‍රසිද්ධ රැප් ගායකයකු, ගිනි අවියක් සමඟින් අත්අඩංගුවට

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමඟින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක්ද සම්බන්ධ ගිනි අවියක් සැකකරු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාල ගිනි අවිය හමුවී ඇති බවද පොලිසිය පවසනවා.

එම ගිනි අවිය පිළිබඳව ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණ ඇතැයි ද පොලිසිය පවසනවා.

ඒ අනුව ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන “ශාන් පුතා” නැමැත්තා සහ සැකකරුට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ද මේ සමඟ අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

World News

Send your contact Details Today