Latest News

සුමේධගෙන් වාර්තා පිට වාර්තා

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ, හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව සඳහා 2025 වසරේදී ලෝක මට්ටමෙන් ක්‍රීඩකයින් මෙතෙක් ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව ඊයේ (13) දින වන විට පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා පැවැති තේරීම් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

තේරීම් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් මීටර 85.78 දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ සුමේධ එලැඹෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම පිරිමි ශ්‍රේණිගත කිරීම්හී රැඳී සිටින්නේ 2 වැනි ස්ථානයේයි.

ඒ, ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැති තරගයකදී මීටර 85යි දශම 4යි 1ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්.

World News

Send your contact Details Today