Latest News

හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය වරදකරුවෙකු වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොකේන් ගණුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ස්ටුවඩ් මැක්‌ගිල් වරදකරු කර තිබෙනවා.

ඒ නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණය මඟින්.

54 හැවිදරිදි මැක්ගිල් හිටපු පාඳග පන්දු යවන්නෙක් වන අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 කට සහභාගී වී කඩුලු 208 ලබාගෙන තිබෙනවා.

මොහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ කොකේන් කිලෝග්‍රෑම් එකක් සම්බන්ධ ඩොලර් 330,000ක ගනුදෙනුවක පුරුකක් ලෙස ක්‍රියා කල බවටයි.

වාර්තා වලට අනුව MacGill මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ මස්සිනා වන Marino Sotiropoulos අතර ගනුදෙනුව සඳහා පහසුකම් සැලසූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම හමුව සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ අවන්හලක් තුළ සිදු වූ බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today