සම වයසේ ගැහැණු දරුවන්ගේ ඡායාරූප ගෙන AI තාක්ෂණයෙන් ඒවා නිරුවත් කර මිතුරන් අතරේ බෙදා හැරීම (Share කිරීම) සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිළි ලැබෙමින් පවතින බව, එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවා.
මේ නුසුදුසු ක්‍රියාව සිදු කරන්නේ වයස අවුරුදු 13, 14, 15, 16, 17 යන වයසේ පසුවන පිරිමි දරුවන් යැයි පැවසු ඇය, බොහෝ ගැහැණු දරුවන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවද ඇය කියා සිටියා.
මාදිවෙල ජාතික ළමාරක්ෂක අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ඇය මෙසේද සඳහන් කළා…
“AI තාක්ෂණය භාවිත කරලා අර සම වයසේ ගැහැණු දරුවන්ගේ නිරුවත් ඡායාරූප සකස් කරලා අන්තර්ජාලයට දැම්මේ ඇයි කියලා ඇහුවම ඒ අය කියන්නේ, ඒක අත්හදා බලන්න ජෝක් එකට කළා කියලා. ඒ පිරිමි ළමයි හා ගැහැණු දරුවන් සම වයසේ යාළුවන්. මේ ඉන්න ගමන් ඡායාරූප අරන් AI තාක්ෂණය භාවිත කරලා කරන දේවල්.. මේවකින් අපි හැමෝම දැනුවත්ව ඉන්න ඕනි”