Latest News

2025 ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා.

වසර 24කට පසු මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාව මෙයයි.

21වැනි වරට ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය චීනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.

ඒ සඳහා ලෝක ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාව 3ක්.

චමෝද් යෝධසිංහ මීටර් 60 ධාවන ඉසව්ව සඳහා, කාලිංග කුමාරගේ මීටර් 400ය ධාවන ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

සුදුසුකම් ලබා ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ කවීෂ බණ්ඩාරයි.

ඒ, මීටර් 60 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්ව සඳහායි.

2001 වසරේ පෘතුගාලයේ පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකු සුදුසුකම් ලබා ගත්තා.

එම වසරෙන් පසු මෙම ශූරතාවලිය සඳහා මෙරටින් සහභාගී වන වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයක් වනවා.

ශූරතාවලිය එළැඹෙන 21වැනිදා සිට 23වැනිදා දක්වා පැවැත්වෙනවා.

World News

Send your contact Details Today