මෙල්බන් හි පැවැත්වෙන (Asia Pacific Championship Expo) 2025 ආසියා පැසිෆික් ශූරතාවලියට සහභාගිවීමට ශ්‍රී ලාංකිකයෙකු සූදානම් වනවා.
ඒ අනුව එළැඹෙන මාර්තු 29 සහ 30 වන දිනවල මෙල්බන් හිදී පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලිය සඳහා “ශ්‍රී ලංකාවේ බර උසුළුන සිංහයා” ලෙස හැඳින්වෙන රන්සිළු ජයතිලක සහභාගි වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවට සය වතාවක් ආසියානු පදක්කම දිනා දීමට රන්සිළු සමත් තිබීම විශේෂත්වයක්.
පොදුරාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩකයෙකු ලෙසයි රන්සිළු ජයතිලක හැඳින්වෙන්නේ.
ආසියා පැසිෆික් ශූරතාවලියේදී ආසියාව සහ පැසිෆික් කළාපය පුරා සිටින ප්‍රභූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මළල ක්‍රීඩා සහ ක්‍රීඩා ශූරත්වයේ ත්‍රාසජනක අත්දැකීම් ඇතුළත් ප්‍රදර්ශනයක් ලෙස සිදුකිරීම විශේෂත්වයක්.
තරගකරුවන් කලාපීය ශූරතා සඳහා තරඟ වදින අතර ඔවුන්ගේ ජාතීන් ආඩම්බරයට පත්කිරීම අරමුණු කරගනිමින් මෙම කීර්තිමත් ඉසව්වලදී ඔවුන් ඉහළ දක්ෂතා පෙන්නුම් කරනු ඇති.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියා පැසිෆික් ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාවේ බර උසුළුන සිංහයා වන රන්සිළු ජයතිලකට Radio WESL අපගේ උණුසුම් සුබපැතුම්.




