Latest News

කාජල් නැවතත් මවක් වෙයි – වටිනා දෙයකුත් මිලදී ගනියි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

OTT හි අවසන් වරට ‘The Trial’ කතා මාලාවේ පෙනී සිටි කාජල්, දැන් ඇගේ ඊළඟ චිත්‍රපටයට වන ‘Maa’ සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.

ඇය මෑතකදී චිත්‍රපටයේ පෝස්ටරය බෙදාගෙන ඇති අතර, එහිදී ඇය කෙරින් ෂර්මා විසින් රඟපාන තම දියණිය ආරක්ෂා කිරීමට උත්සාහ කරන මවක් ලෙස දරුණු අවතාරයකින් පෙනී සිටින චරිතයකින් ප්‍රේක්ෂකයා අතරට පැමිණීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර චිත්‍රපටවලට අමතරව, ඇය අලුතෙන් නව දේපලක් මිලදී ගෙන ඇති බව වාර්තා වෙන අතර ඒ දේපළ රුපියල් කෝටි 28.78ක් වන බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

IndexTap.com හි දේපල වාර්තාවලට අනුව ඇය මුම්බායි හි ගෝරේගෝන් බටහිර ප්‍රදේශයේ රුපියල් කෝටි 28.78 ක් වටිනා වාණිජ දේපලක් මිලදී ගෙන ඇති බව වාර්තා වන අතර මෙය බන්ගුර් නගර් හි භාරත් අරයිස් හි බිම් මහලේ සාප්පු අංක 1 බවයි වාර්තා වන්නේ.

මේ අතර, කාජල්ගේ ඊළඟ චිත්‍රපටය වන ‘මා’ ජුනි 27 වන දින නිකුත් කිරීමට සියලු වැඩ ලෑස්තිලු. ආරංචි මාර්ග වාර්තා කරන විදියට 2025 ජුනි 27 වන දින සිනමා ශාලාවල චිත්‍රපටය තිරගත වීමට නියමිත බව ද සඳහන්.

World News

Send your contact Details Today