මෙවර ජාතික රාමදාන් උත්සවය “සලාම් රාමදාන්” යන මැයෙන් මාර්තු 21 සිට 31 දක්වා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ වත්මන් සමාජයේ යම්තාක් දුරකට පසුබැස ඇති සම්ප්‍රදායන් සමාජයට ප්‍රදර්ශනය කිරීමේ සාමාජීය අරමුණ පෙරදැරි කරගනිමින් හා ජාතික සමගිය මුළු ලොවට විදහා පෑමේ අරමුණින්.
බස්නාහිර පළාත් සභාව විසින් පත්කරන ලද ජාතික රාමදාන් උත්සව කමිටුව විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳ ව සැලසුම් කර ඇති අතර මෙම ජාතික උත්සවයට සමගාමී ව මාර්තු 21 සිට 31 දක්වා දින 10ක් මුළුල්ලේ කොළඹ නගරය වටා ආලෝකමත් කිරීමට සහ ‘ග්‍රීන් පාත්’ (Green Path) පරිශ්‍රයේ දින තුනක් මුළුල්ලේ සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට අවශ්‍යය කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ හරහා මුස්ලිම් ජනයාගේ විවිධ පාරම්පරික සහ සම්ප්‍රදායික චාරිත්‍ර ආදී හරයන් පිළිබඳව මූලික අවබෝධය හා දැනුම වැඩිදියුණු කිරීම සඳහා පළාත් සභාව මගින් සංවිධානය කරන මෙම ‘සලාම් රමදාන්’ උත්සවය සුවිශේෂී උත්සවයක්.
මෙම උත්සවය පැවැත්වීම තුළින් ආගමික හා සංස්කෘතික වශයෙන් සමස්ත සමාජය එකමුතු කිරීමට හා අනෙකුත් සංස්කෘතික උත්සවයන් සමරන ආකාරයටම වැඩි ප්‍රජා සහභාගීත්වයක්, ආර්ථික සහභාගීත්වයක් සහ අන්තර් ආගමික අවබෝධයක් ඇතිව සැමරීමට අවශ්‍යය කටයුතු සංවිධානය කොට තිබෙනවා.