Latest News

වෛද්‍යවරියට යුක්තිය ඉල්ලමින්, ලංකාවේ සියළු වෛද්‍යවරුන් වැඩ අතහරී

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදු කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද දින (12) ශ්‍රී ලංකාව පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 8:00 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වනු ඇති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම විධායක කමිටුව ඊයේ (11) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

පෙරේදා (10) රාත්‍රී 06.30 ත් 07:00ත් අතර කාලයේ දී මෙම සිදුවීම සිදු ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියන් සඳහා රජයෙන් වෙන් කර ඇති නිල නේවාසික නිවසක් තුළයි.

32 හැවිරිදි වියෙහි පසුවන අදාළ වින්දිත වෛද්‍යවරිය පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන අතර ඇය තම රාජකාරි සේවාව අවසන් කර පස්වරු 06.30ත් 07ත් අතර කාලයේ දී නිල නිවාසයට පැමිණ තිබෙනවා.

සැකකරු වෛද්‍යවරියගේ පසුපසින් පැමිණ ඇයගේ ගෙලට තියුණු ආයුධයක් තබා බිය ගන්වා, ඇය ලවා ම දොර විවෘත කරගනිමින්, මුඛය, අත් – පා ගැටගසා ඇයට මෙම ලිංගික හිංසනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවත්, ඔහු අප‍රාධය සිදු කර වෛද්‍යවරියගේ දූරකථනය ද රැගෙන ගොස් ඇති බව ද සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව හෙළි ව තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ දහවල් වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය හැරුණුකොට සෙසු ප්‍රතිකාර අංශ අඩපණ වුණා.

ඒ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගෙන වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බල කරමින්.

නමුත් පොලිස් විමර්ශන කණ්ඩායම් 05ක් ඔස්සේ විමර්ශන සිදු කෙරුණ ද සැකකරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නැහැ.

එබැවින් දිවයින පුරා මෙම වෛද්‍ය වැඩ වර්ජනය සෞඛ්‍ය අංශවල (රෝහල්වල) සිදු කෙරෙනු ඇති.

World News

Send your contact Details Today