Latest News

මන්නාරම සුළං ව්‍යපෘතිය ගැන අදානිගෙන් කොළ එළියක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මන්නාරම මෙගාවොට් 484 ක සුළං විදුලි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට කැමැත්තෙන් පසුවන බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම්දී තිබෙනවා.

ඒ, මීට පෙර ඇතිකර ගෙන තිබු අනුමැතීන්ට යටත්වයි.

අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම දන්වා ඇත්තේ අති නවීන තාක්ෂණයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ඊට අනුබද්ධිත සම්ප්‍රේෂණ පද්ධතිය ද සංවර්ධනය කිරීමටත් තමන් අපේක්ෂා කළ බවයි.

වසර දෙකකට අධික කාලයක සාකච්ඡාවලින් අනතුරුව පුනර්ජනනීය බලශක්තිවල මිල ගණන්ද අනුමත වූ බව, එම සමාගම පවසනවා.

ඔවුන් පෙන්වාදී ඇත්තේ, එම අනුමැතීන් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් නිල වශයෙන් සිදුවන තෙක් ඉවසීමෙන් බලා සිටින අතර කිසිඳු ආකාරයක නිල සන්නිවේදනයක් සිදුනොවූ පසුබිමක මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

World News

Send your contact Details Today