Latest News

මින් ඉදිරියට වාහන සැරසිලි සඳහා අවසර හිමිවෙන්නේ මෙහෙමයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහන වල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, 1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින්වර සංශෝධනය කරමින්, වාහන විකරණය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රෙගුලාසි ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර තිබුණා.

එහෙත්, පසුගිය කාලයේදී එවැනි නියෝග මඟින් ප්‍රකාශිත වාහන උපාංග සවි කිරීම් සහ නිර්මාණය වෙනස් කිරීම් වලට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර ක්‍රමවේද ඔස්සේ බස් රථ සැරසිලි සහ උපාංග විකරණය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර අභ්‍යන්තර චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.

එහෙත්, ඊට අදාළව මෝටර් රථ පනතේ විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමක් සිදු කර නැහැ.

එබැවින්, මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන, බස්රථ සැරසිලි හා උපාංග හේතුවෙන් බස් රථ වල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර, ඒ සම්බන්ධයෙන් විධිමත් පරිදි ක්‍රියාකිරීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

World News

Send your contact Details Today