Latest News

සංගා, ශ්‍රී ලංකා මාස්ටර්ස් අවසන් පූර්ව වටයට රැගෙන යයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ පැවැත්වෙන මාස්ටර්ස් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය කඩුලු 09කින් ජයගත් ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා.

රායිපූර් හි ඊයේ (10) පැවැති මෙම තරගයේදී කුමාර් සංගක්කාර ශතකයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉයන් මෝගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත මාස්ටර්ස් ලීග් කණ්ඩා⁣යම පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 146ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 12 පන්දු 05ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 150ක් ලබාගනිමින් තරගය ජයගත්තා.

එහිදී නායක කුමාර් සංගක්කාර පන්දු 47කදී නොදැවී ලකුණු 106ක් රැස්කළ අතර, ඊට හතරේ පහරවල් 19ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුණා.

ඒ අනුව, තරගාවලියේ සහභාගී වූ තරග පහෙන් හතරක් ජයගත් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පිවිසෙමින්.

World News

Send your contact Details Today