චීනය සහ ජපානය අතර අතර යළිත් රාජ්‍යතාන්ත්‍රික අර්බුද පැන නැගී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ තායිවානයේ සිට කිලෝමීටර් 111ක් ඔබ්බෙන් පිහිටි ජපානයේ බටහිර කෙළවරේ පිහිටි යොනාගුනි දූපතට දකුණින් චීනය බෝයාවක් යෙදවීම හමුවේයී.
ජපානය 2024 දෙසැම්බර් මාසයේ දී එහි සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ස්ථාපනය කරන ලද මතභේදාත්මක චීන බෝයාවන් සොයා ගත් අතර එතැන් සිට එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා.
එම ආර්ථික කලාපය තුළ, මසුන් ඇල්ලීම සහ කැණීම් වැනි ක්‍රියාකාරකම් සඳහා ජපානයට තනි අයිතියක් තිබෙන ප්‍රදේශයක්.
චීනය මෙම බෝයාව ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එය නීත්‍යානුකූල බවත් සම්පූර්ණයෙන්ම කාලගුණ විද්‍යා නිරීක්ෂණ සඳහා අදහස් කරන බවත් තර්ක කර තිබෙනවා.
2023 දී එක්සත් ජනපදය විසින් චීන කාලගුණ බැලූන ඔත්තු බැලූ බැලූන් ලෙස තක්සේරු කළ ආකාරයටම එවැනි පාවෙන උපාංග චීනය ඔත්තු බැලීම සඳහා භාවිතා කිරීමේ හැකියාව ඇති බවයි ජපානයේ හමුදා විශේෂඥයෝ පවසන අතර එම බෝයාව විසින් වාර්තා කරන ලද දත්ත – සාගර ධාරාවල වේගය සහ දිශාව මෙන්ම ජල උෂ්ණත්වය වැනි – චීන නාවික හමුදාව විසින් ප්‍රයෝජනයට ගත හැකි බව අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ජපානය තම අවසරයකින් තොරව තම සුවිශේෂී ආර්ථික කලාපය තුළ ව්‍යුහයන් පිහිටුවීම මුහුදේ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව තර්ක කරන අතර, අදාළ ප්‍රදේශයට ජපානය, චීනය සහ තායිවානය විසින් හිමිකම් කියනු ලබනවා.
මේ අනුව, අදාළ ව්‍යුහයන් – විශේෂයෙන් විද්‍යාත්මක පර්යේෂණ සඳහා සාධාරණ සහ නීත්‍යානුකූල බව චීනය තර්ක කරනවා.