Latest News

මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීම ගැන කියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමු ගැනීමේ තීරණය නිවේදනය කර තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් එක්දින ලකුණු ලැයිස්තුවේ දෙවැනි වැඩිම එක්දින ලකුණුලාභියා ලෙසයි මුෂ්ෆිකර් ඉතිහාසගත වී ඇත්තේ.

37 හැවිරිදි මුෂ්ෆිකර් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම කඩුලු රකින්නා ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු එක්දින තරග 274කට ක්‍රීඩා කර ලකුණු 7,795ක් ලබාගෙන සිටිනවා.

ඊට එක්දින ශතක 09ක් මෙන් ම අර්ධ ශතක 49ක් ද ඇතුළත්.

සිය සමුගැනීම පිළිබඳ ව මුෂ්ෆිකර් පවසා ඇත්තේ තමන් සෑම විටම හැකි උපරිමය එනම් සියයට සියයක්ම කණ්ඩායම වෙනුවෙන් ලබා දුන් බවයි.

ඔහුගේ සාමාන්‍යය 36.42 ක් වන අතර කණ්ඩායමට සිටි ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙසටයි රහීම් ව හැඳින්වෙන්නේ.

මුෂ්ෆිකර් රහීම් අවසන් වරට ක්‍රීඩා කළේ පසුගිය සතියේ දී ඔවුන් පරාජය වීමෙන් පසු ඉවත් වූ චැම්පියන්ස් කුසලාන තරගාවලියයි.

මුෂ්ෆිකර් රහීම් යනු එක්දින තරග 250කට වඩා ක්‍රීඩා කළ කඩුලු රකින්නන් පස් දෙනාගෙන් එක් අයෙක්.

ඔහුගේ ශතක 07, කුමාර් සංගක්කාර්, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ එම්එස් දෝනිට පසුව කඩුලු රකින්නෙකු විසින් ලබා ගත් සිව්වන වැඩිම ලකුණුලාභියා ද වනු ඇති.

World News

Send your contact Details Today