Latest News

ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අද සිට ඇරඹේ – අවසන් වටයට සුදුසුසුකම් ලබන්නේ මෙහෙමයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අදින් (04) ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් තේරී පත් ව සිටින්නේ ප්‍රබල ඔස්ට්‍රෙලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම යි.

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සුදුසුකම් ලබාගෙන සිටිනවා.

හෙට දින පස්වරු 2.30ට ඩුබායි හි දී පළමු අවසන් පූර්ව වටයේ තරගයට පිවිසෙන්නේ ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව යි.

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය හෙට (05) දින පස්වරුවේ පැවැත්වෙනවා.

මෙම දෙපිළෙන් ම ජය ගන්නා කණ්ඩායම් ද්විත්වය මෙවර චැම්පියන්ස් කුසලානයේ අවසන් මහ තරගයට මාර්තු 09 වැනි දින තරග වදිනු ඇති.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය වර්ෂ 1998 දී පළමු වරට ආරම්භ වූ අතර එම තරගාවලියේ කුළුදුල් ශූරතාව දකුණු අප්‍රිකාව විසින් දිනාගනු ලැබුවා.

දෙවසරකට වරක් පවත්වන මෙම තරගාවලියේ දකුණු අප්‍රිකාවට අමතරව නවසීලන්තය එක් ශූරයින්ගේ කුසලානයක් ද, ඔස්ට්‍රෙලියාව අවස්ථා දෙකක දී මෙන් ම ඉන්දියාව ද අවස්ථා 02ක දී චැම්පියන්ස් කුසලානයේ පහස විඳ දරාගෙන තිබෙනවා.

World News

Send your contact Details Today