2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබා දීම කෙරෙහි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.
කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් මෙවර ආසියානු කුසලානය 2026 පන්දුවාර 20 ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙසින් පන්දුවාර 20 තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක වෙනවා.
ආසියානු කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මාසයේදීයි.
කෙසේ වෙතත් ඉන්දු – පාකිස්ථාන දේශපාලනික අර්බුදයත් සමග මේදිනවලදී පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය සඳහා සහභාගිවීමට ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීමේන් වැළකී සිටින අතර ඉන්දියාව සහභාගි වන අතර ඩුබායිහිදී පැවැත්වෙනවා.
එලෙස ඉන්දීය කණ්ඩායම ඩුබායිහිදී පමණක් ක්‍රීඩා කිරීම තුළින් අමතර වාසියක් ඉන්දියාවට හිමිව බවට දැඩි චෝදනාවක් මේවන විට එල්ල වෙමින් පවතිනවා.
තත්ත්වය එසේ උඩුදුවද්දී, මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට හිමිව තිබුණ ද එය දැන් වෙනත් රටකදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.
ඉන්දු – පාකිස්ථාන අර්බුදය හේතුවෙන් 2023 වසරේ ආසියානු කුසලානය පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද ඉන්දීය කණ්ඩායම ඊට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමත් සමග අවසන් තරගය ද ඇතුළුව වැඩි හරියක් තරග පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදීයි.
ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය අවධානය යොමුව ඇත්තේ තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමටයි.
මේ සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ඉදිරියේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ගනු ලැබීමට නියමිතයි.