Latest News

හාදුවක් නිසා ක්‍රීඩාවේ ඉහළම අධිකරණයෙන් පාපන්දු ලොක්කෙකුට සිදු කල දේ

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2023 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ පදක්කම් ප්‍රධානෝත්සවයේදී ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනී හමර්සෝගේ කැමැත්තකින් තොරව ඇයව සිපගැනීම හේතුවෙන් හිටපු ස්පාඤ්ඤ පාපන්දු ප්‍රධානී ලුවීස් රීබියල්ස් හට පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාවන්ගේ තහනමට එරෙහිව ඉදිරිපත් කර තිබූ ඇපෑල ගෝලීය ක්‍රීඩාවේ ඉහළම අධිකරණය විසින් ඊයේ ඉවත් කර තිබෙනවා.

ලෝක පාපන්දු පාලකයන් වන ජගත් පාපන්දු සම්මේලනය (FIFA) 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී රීබියල්ස්ට වසර තුනක තහනමක් පැනවුණා.

අභියාචන කමිටුවක් විසින් ඔහුගේ ඇපෑල පසුගිය වසරේ ජනවාරියේ ඉවත් කර දැමු අතර, 47 හැවිරිදි රීබියක්ස්ට මේ තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා බේරුම්කාර උසාවිය (CAS) හමුවේ අභියාචනය කිරීමටද හැකියාව ලබා දී තිබුණා.

කෙසේ නමුත් ඔහුගේ හැසිරීම පදක්කම් ප්‍රධානෝත්සවයේදී FIFA විනය ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවට තීරණය කළ CAS මඩුල්ල රීබියල්ස්ට පනවා තිබූ තහනම අහෝසි කිරීමට හේතුවක් තමන්ට නොපෙනන බව සඳහන් කළා.

World News

Send your contact Details Today