Latest News

එංගලන්ත ශූරයන්ගේ කණ්ඩායම වාර්තා අලුත් කරයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශූරයන්ගේ කුසලාන (Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී වාර්තාගත ඉනිමක් ගොඩනැගීමට එංගලන්තය සමත් වුණා.

තරගාවලියේ තෙවන තරගය ලෙස ලාහෝර්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 351ක් රැස්කළා.

එය වසර 27ක ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වුණා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ නවසීන්තය කඩුලු 4කට ලකුණු 347ක් රැස්කර තිබුණා.

මේ අතර මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් වාර්තාගත ශතක ඉනිමක් ක්‍රීඩාකිරීමට එංගලන්ත ආරම්භක පිතිකරු බෙන් ඩකට් ද සමත්වුණා.

ඔහු පන්දු 143කට පමණක් මුහුණදෙමින් ලකුණු 165ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 17ක් හා හයේ පහර 3කින් වර්ණවත් වුණා.

මෙය ඩකට්ගේ තෙවන එක්දින ශතකය මෙන්ම ඉහළම එක්දින ඉනිම වුණා.

එමෙන්ම මෙම ඉනිමද ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු රැස්කළ ඉහළම ඉනිම මෙන්ම ලකුණු 150 සීමාව පසුකළ පළමු අවස්ථාවද වුණා.

මීට පෙර ඉහළම ඉනිම ක්‍රීඩාකර තිබුණේ නවසීලන්තයේ නෙතන් ඇස්ට්ලේ වූ අතර, ඔහු නොදැවී ලකුණු 145ක් රැස්කර තිබුණා.

World News

Send your contact Details Today