විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවය සඳහා පැය 24ක සේවයක් ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය වන ආගමන විගමන පාලක වැඩබලන ජනරාල්වරිය විසින්.
ඒ අනුව මේ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම සිදු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව සතියෙ සෑම සඳුදා දිනකම පෙරවරු 06:00 සිට සිකුරාදා මධ්‍යාහ්න 12:00 තෙක් පමණක් මෙම එක්දින සේවය සඳහා ලියාපදිංචි කිරීම් සිදු කරන බවත් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.