Latest News

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පත් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාර්තු මස 21 වැනි දින ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස සයිරාජ් බහුතුලේ පත් කර තිබෙනවා.

මෙය ඔහු ව නැවත එම තනතුරට ම පත් කිරීමක් ලෙසයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඊට හේතුව 2018 – 2021 දක්වා කාලය තුළ රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකාරීත්වය සයිරාජ් හට හිමිවුණා.

සයිරාජ් ව ක්‍රිකට් ඉතිහාසයේ සැලකෙන්නේ ඉන්දීය කණ්ඩායමේ හිටපු පා දඟ පන්දු යවන්නෙකු ලෙසටයි.

සයිරාජ් බහුතුලේ මෙම පත් කිරීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙවැන්නක්;

“රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නැවත එක්වීම ඉමහත් ගෞරවයක්..” ලෙසයි.

World News

Send your contact Details Today